අපගේ සේවා
1. නව මගී ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම.
2. මගී ප්‍රවාහන බලපත්‍ර නිරවුල් කිරිමට ඉල්ලිම.
3. ධාවනය වන බස්රථය වෙනුවට නව බස්රථයක් යෙදවිම.
5. විශේෂ චාරිකා බලපත්‍ර ලබා ගැනිම.
6. තාවකාලික බලපත්‍ර ලබා ගැනිම (යම් මාර්ගයක අඩුවන ගමන්වාර ධාවනය සඳහා).
7. මාර්ග බලපත්‍ර ටෙන්ඩර් ඉල්ලුම් පත් ලබා ගැනිම.
8. කාර්යාල සේවා ටෙන්ඩර් ඉල්ලුම් පත් ලබා ගැනිම.
9. ඔමිනි බස්රථයක් ලෙස ලියාපදිංචියට ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට ලිපියක් නිකුත් කිරිම.
11. අන්තර් පලාත් බලපත්‍රයක් සඳහා බස්ගාල් පහසුකම් ලබා දිම.
13. තාවකාලික කොන්දොස්තර බලපත්‍රයක් නිකුත් කිරීම.
පැමිණිල්ල ලිඛිත හෝ දුරකථන මගින් ඉදිරිපත් කිරිම
- අධ්යක්ෂ ජනරාල්,
දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය,
අංක :67,ලේන්බාන් විදිය,
කොටුව,
ගාල්ල.
දු.ක./ෆැක්ස් 0912234237 - සහකාර අධ්යක්ෂ,
ද.ප.මා.ම.ප්‍රවාහන අධිකාරිය,
අංක :07/1,
වක්වැල්ල පාර,
ගාල්ල.
දු.ක. 091-2222712 - සහකාර අධ්යක්ෂ,
ද.ප.මා.ම.ප්‍රවාහන අධිකාරිය,
කුමාරතුංග මාවත,
මාතර.
දු.ක. 041-2226489 - සහකාර අධ්යක්ෂ,
ද.ප.මා.ම.ප්‍රවාහන අධිකාරිය,
බස්නැවතුම්පොල,
අම්බලන්තොට.
දු.ක. 047-2223781
පැමිණිල්ල අන්තර්ජාලය මගින් ඉදිරිපත් කිරිම – http://www.sprpta.lk/contact-us/
දකුණු පළාත් ගරු ප්‍රධාන අමාත්‍යතුමාගේ සුභ පැතුම්

දකුණු පළාතේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගී ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සපුරාලීමට පසුගිය වසර කිහිපය තුල සුවිශේෂි කාර්යභාරයක් ඉටුකර තිබිම අගය කල යුතු කරුණකි. විශේෂයෙන් විද්‍යාත්මකව තීරණය කරන ලද පොදු කාලසටහන් ක්‍රමය ක්‍රියාත්මක කිරිම, කාර්යාල සේවා, පාසල් සේවා ක්‍රම ව්‍යාප්ත කිරිම, බස් සේවක කණ්ඩායම් හා කාර්ය මණ්ඩල පුහුණු කර මානව සම්පත ගුණාත්මකව සංවර්ධනයක් කරා යොමුකිරිම, විනිවිද භාවයකින් යුක්තව මාර්ග සේවා බලපත්‍ර නිකුත් කිරිමේ ටෙන්ඩර් පටිපාටිය ස්ථාපිත කිරිම හා වඩාත් යහපත් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ක්‍රියාකිරිම ඉන් කිහිපයක් පමණි.
අද දිනයේ දී (2009-12-02) මගී ප්‍රවාහන කටයුතු අන්තර්ජාලය හා සම්බන්ධ කර www.sprpta.lk වෙබ් අඩවිය මගින් දේශීය හා විදේශීය සියළු ජනතාව වෙත විවෘත කිරිම දකුණු පළාතේ පොදු මගී ප්‍රවාහනයේ තවත් වැදගත් ඉදිරි පියවරක් ලෙස මම සලකමි.
අද අපට ඇත්තේ කාලය සමඟ තියුණු තරඟයකි. තම කාලය නිසි ලෙස කලමනාකරණය කර ගැනීමට දියුණු තාක්ෂණය යෙදා ගැනෙන මෙම කටයුත්ත නිසා ජනතාවට විශාල පහසුවක් අත්වනු ඇත.
මේ මගින් දකුණු පළාතේ මගී ප්‍රවාහන කාලසටහන්, බස් ගාස්තු ඒ ඒ සේවා වල දුර මාර්ග පිලිබඳ විස්තර යටිතල පහසුකම් සංවර්ධන කටයුතු පිළිබඳ හා සියළු මගී ප්‍රවාහන තොරතුරු පහසුවෙන් දැකබලා ගැනිමට අවස්ථාව සැලසේ. 2009 ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික වර්ෂය ලෙස ප්‍රකාශයට පත්කර ඇති කාලය තුලදීම දකුණු පළාතේ ප්‍රවාහනය අන්තර් ජාලය හා සම්බන්ධ කරමින් ගනු ලැබු වේගවත් පියවර පිළිබඳ අධිකාරියටත් එයට දායක වු සියළු දෙනාටත් සුභ පැතීමට මෙය අවස්ථාවක් කරගතිමි.
ගාල්ල බස්නැවතුම්පොළ අතිගරු ජනධිපතිතුමා විසින් ජනතා අයිතියට පත්කරන ලදී.
නවීකරණය කර අලුතින් ඉදිකරන ලද නව ගාල්ල බස්නැවතුම්පොළ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් 2011 ජූලි 11 වන දින ජනතා අයිතියට පත්කරණ ලදී.
මේ සඳහා රුපියල් මිලියන 405 ක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් වියදම් කරන ලදී. මෙය ලංකාවේ දිගම බස්නැවතුම්පොළ වන අතර එහි දිග මීටර් 161 ක් හා පළල මීටර් 10 ක් වේ. මෙම බස්නැවතුම්පොළ පහළ මාලය වර්ග අඩි 1255 ක් වේ. එහි පුළුල් LCD තිර 3ක් මගින් බස් ගාස්තු හා කාලසටහන් ප්‍රදර්ශණය කරනු ලබන අතර මගීන්ට තොරතුරු ලබාගැනීම සඳහා තොරතුරු මධ්‍යස්ථානයක් දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් පවත්වාගෙන යනු ලබයි.
The newly constructed Modern Galle Bus stand was Open by His Excellency the President Mahinda Rajapaksa today (July 11th 2011).
Rs. 405 million was spent on its construction by the Ministry of Economic Development. This two storied bus stand is the longest in Sri Lanka and its length is 161 meters with a width of 10 meters.This modern bus stand has 1255 sq.ft in the ground floor. Southern Provincial Road Passenger Transport Authority Establish the Information Center & Displaying Time Table & Fares Using large three LCD TV screen for the convenience to passengers.
නව බස් ගාස්තු සංශෝධනය 2011-07-01 සිට ක්‍රියාත්මකයි
නව බස් ගාස්තු සංශෝධන 2011-07-01 සිට ක්‍රියාත්මකයි
Amended Bus Fares effected from 1st july 2011
නව සභාපති ලෙස ඒ.සමරසිංහ මහතා පත්කරන ලදී
2011-05-13 දින දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නව සභාපති ලෙස හිටපු ප්‍රධාන ලේකම් ඒ.සමරසිංහ මහතා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු ශාන් විජයලාල් ද සිල්වා මැතිතුමා විසින් පත්කරන ලදී.
On The Date of 13th May 2011 Former Chief Secretary of Southern Province Mr. A.Samarasinghe is Appointed as The New Chairman of Southern Provincial Road Passenger Transport Authority by the Hon. Chief Minister of Southern Province Mr. Shan Vijayalal De Silva
නව මාර්ග බලපත්‍ර ටෙන්ඩරය – 2011
නව නිත්‍ය මගී ප්‍රවාහන බලපත්‍ර 11 ක් සඳහා ටෙන්ඩර් කැදවනු ලැබේ. ටෙන්ඩර් විවෘත කිරීම 2011-06-20 දින 1430 පැයට දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවහන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී.
ටෙන්ඩර් ඉල්ලුම් පත්‍රය හා කොන්දේසි
අලුතින් ඉදිකරන ලද ගාල්ල බස් නැවතුම්පොළ ලගදීම ජනතා අයිතියට
ගාල්ල බස් නැවතුම්පොළ ඉදිකිරීම් කටයුතු දැන් අවසන් අධියරේ පවතී. එබැවින් මෙම බස් නැවතුම්පොළ ලගදීම ජනතා අයිතියට පත්කළ හැකිවේ.
ගාල්ල බස්නැවතුම්පොල නවීකරණ කටයුතු සදහා 2010-09-16 දින සිට ඉවත්කර ඇත
ගාලු නගරයේ නව දෙමහල් බස්නැවතුම්පොලක් ඉදිකිරීම නිසා පැරණි බස් නැවතුම් පොල 2010-09-16 දින සිට වසා තබනු ලබන අතර මේ සදහා විකල්ප බස් නැවතුම්පොල වශයෙන් කොළඔ දෙසට ගමන් ගන්නා බස් රථ මහ ලේකම් කාර්යාලය ඉදිරිපසද අකුරැස්ස,මාතර දෙසට ගමන් ගන්නා බස් රථ සමනළ ක්‍රීඩාංගනය අසලද වක්වැල්ල,බද්දෙගම දෙසට ගමන් ගන්නා බස් රථ ගාලු ක්‍රීඩංගනය වටාද නවත්වා ඇත.
2010 ටෙන්ඩර් විවෘත කීරීමේ දිනය දීර්ග කිරීම
රු.500/- ක මුදල් ගෙවීමෙන් 2010-05-03 දින සිට 2010-05-25 දින පෙ.ව. 10.00 දක්වා මාර්ගස්ථ
මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයෙන් ලබාගත හැකිය
නව මාර්ග බලපත්‍ර ටෙන්ඩර් දැන්විම – 2010
රු.500/- ක මුදල් ගෙවීමෙන් 2010-05-03 දින සිට 2010-05-18 දින පෙ.ව. 10.00 දක්වා මාර්ගස්ථ
මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයෙන් ලබාගත හැකිය
ටෙන්ඩර් විවෘත කිරිමේ දිනයට ටෙන්ඩර් ඉල්ලුම්කරු හෝ ඔහුගේ නියෝජිතයා අනිවාර්යයෙන්ම පැමිණිය යුතුය. විවෘත කරන දිනයේම සුදුසුකම් ලැබු ටෙන්ඩර්කරු වෙත පිරිනැමීමේ ලිපි ලබාදෙන බැවින් ටෙන්ඩරය භාරගැනිම සදහා ටෙන්ඩර්යේ ඉල්ලුම් කල මුදලින් 5% ක මුදලක් එදිනට අධිකාරියේ තැන්පත් කල යුතුය. එදිනට නොපැමිණියහොත් ටෙන්ඩරය මෙන්ම ආපසු ගෙවන ඇපතැන්පතු මුදල ඔබට අහිමි වේ. වැඩි විස්තර දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සියළුම දිස්ත්‍රික් කාර්යාල වලින් හෝ අංක 091 – 2234237 මගින් විමසිය හැකිය.
ජනක් ප්‍රියන්ත ඉලේසිංහ,
සභාපති,
දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය. අංක 67, ලේන්බාන් විදීය, කොටුව – ගාල්ල.
වෘත්තිය කොන්දොස්තර මහතෙකු වීම සදහා අවස්ථාවක්
වෘත්තිය කොන්දොස්තර බලපත්‍ර නිකුත් කිරිමට අදාලව 2009 වසරේ අවසන් කොන්දොස්තර පුහුණුව සදහා අයඳුම්පත් කැඳවනු ලැබේ. එක් පාඨමාලාවක් සදහා බඳවා ගන්නා පිරිස සීමිත වන බැවින් එම පාඨමාලාව සදහා ඇතුලත් විම සදහා 2009-12-10 දිනට ප්‍රථම අධිකාරියේ පෙර ලියාපදිංචිය සිදු කරන ලෙස කොන්දොස්තර බලපත්‍ර අපේක්ෂිත ඔබට දැනුම් දෙමි.
ලිපිනය වෙනස්වීම දැනුම් දීම
ගාල්ල, හිල්ටොප් මන්දිරය ලිපිනයේ පවත්වාගෙන ගිය දකුණු පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය 2009-11-01 දින සිට අංක 67, ලේන්බාන් විදීය, කොටුව – ගාල්ල යන ලිපිනය පිහිටි ස්ථානයට ගෙන ගොස් ඇති බව දැනුම් දෙමි.


