දකුණේ මගී ප්‍රවාහන සේවා නව ඉසව්වක් කරා..

දකුණේ මගී ප්‍රවාහන සේවා නව ඉසව්වක් කරා ගෙනයමින් බස්‍ රථවල ගමන් ගන්නා මගීන්ගේ වටිනා කාලය ඉතුරු කිරීම ,කාලය කළමනාකරණය කිරීම ප්‍රධාන අරමුණ කොට ගනිමින්, මගී ප්‍රවාහන සේවා නියාමනයට GPS තාක්ෂණය ආදේශ කිරීම හා ත්‍රීරෝද රථ නියාමන යෙදවුම ජනගත කිරීම, දුර සේවා කාල සටහන ජනගත කිරීම, දක්ෂිණ පාය අමාත්‍යාංශ සංකීර්ණයේ දී දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ගරු සභාපති අරුණ ගුණරත්න මැතිතුමාගේ ආරාධනයෙන් දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී.ඩබ්ලිව් ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 20232-12-27 පෙරවරුවේ දක්ෂිණ පාය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි ..

දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සේවයේ නියුතු නිලධාරීන් හා සේවක මහත්ම මහත්මීන්ගේ ශිෂ්‍යත්ව කඩයිම් විභාගය ඉහළින්ම ජයගත් දරුවන්, අ.පො.ස සාමාන්‍ය පෙළ ඉහළින් සමත් වූ දරුවන්, අ.පො.ස උසස් පෙළ ඉහළින් සමත්ව විශ්ව විද්‍යාල වරම් ලැබූ දරුවන් වෙනුවෙන් සමරුඵලක සහ මූල්‍ය ත්‍යාග පිරිනැමීම ද මෙහිදී සිදු විය…

වැඩසටහන සංවිධානය හා මෙහෙය වීම දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකායේ අධ්‍යක්ෂක ජෙනරාල් රාජා කුමාර මහතා ඇතුළු නිලධාරීන් විසින් සිදුකරන ලද අතර මෙම අවස්ථාවට දකුණු පළාත් ප්‍රධාන ලේකම් නීතීඥ සුමිත් අලහකෝන් මහතා, ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ක්‍රිශාන්ත මහේන්ද්‍ර මහතා ප්‍රමුඛ සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, කොමසාරිස්වරුන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ගාල්ල,මාතර,හම්බන්තොට සහකාර අධ්‍යක්ෂකවරුන්, ස්ථාන පාලක හා ජංගම පරීක්ෂක මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, දිස්ත්‍රික් තුනේ බස් සමාගම් නියෝජිතයන්, ජාතික ත්‍රීරෝද රථ සංගමයේ ගරු සභාපති ලලිත් ධර්මසේකර මහතා ඇතුළු පිරිසක් සහභාගී වීය.

Share this post