හැදින්වීම හා ආරම්භය
13 වන ආණ්ඩුක්‍රම සංශෝධන පනත මගින් පළාත් සභා ක්‍රමය ස්ථාපනය වූ අතර ඒ අනුව පළාත තුල ප්‍රවාහනය විධිමත් කිරීමේ කටයුතු පළාත් සභාවේ කාර්යභාරය බවට පත්විය. මේ අනුව 1992 දී දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා ප්‍රඥප්තිය සම්මත කර ප්‍රවාහන අමාත්‍යංශය යටතේ ප්‍රවාහන අධ්‍යක්ෂක වරයකු මගින් පලාත් මගී ප්‍රවාහන කාර්යභාර්ය විධිමත් කිරීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ලදී.
මගී ප්‍රවාහන කටයුතු වඩාත් විධිමත්ව හා පුළුල් ලෙස ඉටුකිරීමේ අවශ්‍යතාවය මත 1996 අංක 2 දරණ දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි ප්‍රඥප්තිය සම්මත කර 1997 ජනවාරි 1වන දින සිට දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ස්ථාපනය කරන ලදී.එහි මූලික අරමුණු වූයේ
01.දකුණු පළාත් බල ප්‍රදේශය තුල මහජනතාවගේ ගමනාගමන අවශ්‍යතාවයන් සපුරාලීමට ප්‍රමාණවත් හා ගුණාත්මක තත්වයෙන් අදාල සේවාවන් දියුණු තත්වයට නංවාලීම හා එම සේවාවන් දකුණු පළාත තුල සාධාරණ ලෙස ව්‍යාප්ත කිරීම .
02.එම සේවාවන් සලසන අතර යහපත් තරගකාරීත්වයක් පවත්වා ගැනීමට වගබලා ගැනීම.
03.මඟී ජනතාවගේ ආරක්ෂාව හා පහසුව සුරක්ෂිත කිරීම සදහා 1982 අංක 17 දරණ සමාගම් ආඥා පනත යටතේ මඟී ගමනාගමනය සදහා ලියාපදිංචි වී ඇති සමාගම්, පුද්ගලික බස් ධාවකයින් විසින් පවත්වාගෙන යනු ලබන සේවාවන් ,විධිමත් කිරීම.
මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සදහා අධිකාරියේ සභාපති ඇතුලු අධ්‍යක්ෂක මණ්ඩලය වශයෙන් පත් වූයේ
- එල්.ජී.දහනායක මහතා – සභාපති
- කේ.ඊ.දයාරත්න මහතා – සාමාජික
(දකුණු පළාත් සභාවේ මුදල් අමාත්‍යතුමා විසින් පත්කල)
- ටී.ජී.එච්.ඩයස් මහතා – සාමාජික
(පළාත් මහාමාර්ග පිළිබඳ විෂයභාර ගරු අමාත්‍යතුමා විසින් පත් කල)
- පී.ගුරුසිංහ මහතා – සාමාජික (පත්කල)
- එස්.එච්.නාරන්දෙණිය මහතා – සාමාජික (පත්කල)
- එස්.එච්.ජයසූරිය මහතා – සාමාජික (පත්කල)
- එම්.ආර්.ජී.ඒ.ගුණසේකර මහතා – සාමාජික (පත්කල)