දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය
හැදින්විම
ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රිය සමාජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1987 නොවැම්බර් 14 දින සිට බලපැවැත්වෙන පරිදි 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරනු ලැබු අතර එමගින් පළාත් නවයකට බෙදා පළාත් සභා ක්‍රමය ආරම්භයට ඉඩකඩ ලැබුනි. මේ අනුව දකුණු පළාත් සභාවද පිහිටුවන ලැබු අතර පළාත් සභාවට ප්‍රවාහන කටයුතු පිළිබඳ පැවරි ඇති බලතල 13 ආණ්ඩුක්‍රම සංශෝධනයේ නව වන උපලේඛනයේ 1 ලැයිස්තුවේ 8 වන ජේදයේ පහත පරිදි සඳහන් වේ.
“පළාත ඇතුළත මෝටර් වාහන මගින් පාරවල් ඔස්සේ මගීන් ගෙන යාමේ සේවා සහ භාණ්ඩ ගෙනයාම විධිමත් කිරිම සහ පළාත් අතර මර්‍ග ඔස්සේ ප්‍රවාහන සේවා සැලසිම”
මේ අනුව දකුණු පළාත් සභාව පිහිටුවිමේන් පසුව මගී ප්‍රවාහන කටයුතු සම්බන්ධ පළාත් සභා බලතල ක්‍රියාත්මක කිරිම සඳහා පළාත් ප්‍රවාහන ආමාත්‍යාංශය යටතේ ප්‍රවාහන අධ්‍යක්ෂ කාර්යාලයක් 1992 වර්ෂයේ ආරම්භ කරන ලදි. 1992 සිට 1996 දෙසැම්බර් 31 වන දින දක්වා පළාත තුල මගී ප්‍රවාහනය විධිමත් කිරිමේ ශක්තිමත් අඩිතාලමක් ස්ථාපිත කිරිමට ප්‍රවාහන අධ්‍යක්ෂ කාර්යාලය සමත් විය. මෙම කාර්ය ප්‍රවාහන අධ්‍යක්ෂ එච්.ආර්.ජි.ඒ.ගුණසේකර මහතාගේ මෙහෙයවීම යටතේ සිදුවිය.
දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පිහිටුවිම
පළාත් සභාවේ මහාමාර්‍ග , කර්මාන්ත , සංස්කෘතික සංචාරක , ප්‍රවාහන , ක්‍රිඩා , රැකිරක්ෂා හා පොදු කටයුතු ගරු ආමාත්‍යවරයා විසින් ප්‍රවාහන කටයුතු වඩාත් විධිමත්ව පවත්වා ගෙන යාමේ අරමුණින් පළාත් ප්‍රවාහන අධ්‍යක්ෂ කාර්යාලය අධිකාරියක් බවට පත් කිරිම සදහා 1996 අංක 02 දරණ දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ප්‍රඥප්තිය පළාත් සභාවට ඉදිරිපත් කර සම්මත කර ගනු ලැබිය. 1996-12-27 දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදන අංක 955/11 මගින් එම ප්‍රඥප්තිය ක්‍රියාත්මක වන දිනය 1997 ජනවාරි 01 දින වශයෙන් නියම කර ඇත. ඒ අනුව 1997 ජනවාරි 01 දින සිට ප්‍රවාහන අධ්‍යක්ෂ කාර්යාලය දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය බවට පරිවර්ථනය කරන ලදි.
- පාලක මණ්ඩලය
දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ප්‍රඥප්තියේ 03 වන වගන්තිය අනුව නිලබලයෙන් පත්වන සාමාජිකයින් තුන් දෙනෙක්ද ප්‍රවාහන අමාත්‍යවරයා විසින් පත්කරනු ලබන තවත් සාමාජිකයින් 4 දෙනෙක්ගෙන් යුතු සාමාජිකයින් 07 දෙනෙකුගෙන් සැදුම්ලත් මණ්ඩලයක් අධිකාරිය මෙහෙයවිමට කටයුතු කරනු ලැබිය. මෙම සාමාජික 07 දෙනාගෙන් එක් අයකු සභාපති ලෙස ඇමතිතුමා පත්කරනු ලැබේ. අමාත්‍යවරයාගේ ලියවිල්ලකින් වු අනුමැතිය ඇතිව අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පත්කරනු ලැබේ.
1997/01/01 – 1999/12/31
ලිලානන්ද ගුණරත්න දහනායක මයා
පී.ගුරුසිංහ මයා
ආර්.එච්.ආර්. ප්‍රේරේමසිරි මයා
කේ.ඒ.දයානන්ද මයා
ටි.පි.එච්.ඩයස් මයා
සුනිල් මුතුමාල ජයසුරිය මයා
සැමි හේවා නාරන්දෙණිය මයා
2000/01/01 – 2002/12/31
ලිලනන්ද ගුණරත්න දහනායක මයා – 2000-12-31 දක්වා
ජනක් ප්‍රියන්ත ඉලේසිංහ මයා - 2001-01-01 සිට 2002-12-31 දක්වා
අශෝක රත්නවීර මයා - 2000-12-15 දක්වා
කේ.ඒ.දයාරත්න මයා - 2000-10-31 දක්වා
ටි.නිමල් මයා -
කේ.ටි.ජි.අමරතුංග මයා -
එස්.ඒ.ගුණරත්න මයා - 2000-08-01 දක්වා
එස්.මාරඹගේ මයා - 2000-11-01 දක්වා
එචි.බි.රාබන් මයා - 2000-12-15 සිට 2002-12-31 දක්වා
සැමි නාරන්දෙණිය මයා - 2000-01-01 සිට 2002-12-31 දක්වා
2003-01-01 – 2005-12-31
ජනක් ප්‍රියන්ත ඉලේසිංහ මයා
කේ.ටි.ජි.ඩබි. අමරතුංග මයා
එස්.එම්.එස්.ගුණවර්ධන මයා - 2003-11-30 දක්වා
එස්.ගුණරත්න මයා
එචි.කේ.දයාප්‍රේම මයා
සැමී හේවා නාරංදෙණිය මයා
ටි. එචි.ලසන්ත ද සිල්වා මයා
එම්.ටි.වි.ඒ. ඩයස් ද සිල්වා මයා - 2003-12-09 දක්වා
නන්දසිරි වතුදුර මයා - 2005-01-01 සිට 2005-12-31 දක්වා
ඩබි. බුද්ධදාස මයා - 2005-01-01 සිට 2005-12-31 දක්වා
2006-01-01 – 2008-12-31
ජනක් ප්‍රියන්ත ඉලේසිංහ මයා
එචි.කේ.දයාප්‍රේම මයා
ටි.එල්.චන්ද්රේසිරි මයා
ධනසේන මාදුවගේ මයා
නන්දසිරි වතුදුර මයා
එමි.ටි.පි.එල් ද සිල්වා මයා
ඩබි.ඉන්ද්රාදාස මයා - 2009-11-09 සිට 2008-12-31 දක්වා
2009-01-01 – අද දක්වා
ජනක් ප්‍රියන්ත ඉලේසිංහ මයා
එචි.කේ.දයාප්‍රේම මයා
ටි.කේ.ජි. ද සිල්වා මයා
ටි.එල්.චන්ද්රේසිරි මයා
ධනසේන මාදුවගේ මයා
නන්දසිරි වතුදුර මයා
ඩබි.ඒ. ඉන්ද්රේදාස මයා
1997 සිට 2008 දක්වා අධිකාරියේ කටයුතු
අධිකාරිය පිහිටුවිමත් සමගම එහි මුලික පරමාර්ථයක් වුයේ දකුණු බල ප්‍රදේශය තුල මහජනතාවගේ ගමනා ගමන අවශ්‍යතාවයන් ප්‍රමානවත් හා ගුණාත්මක තත්වයෙන් සපුරාලිම සදහා කෙටි කාලින හා දිර්ඝ කාලින ක්‍රියාමාර්ග සැලසුම් කිරිම හා ක්‍රියාත්මක කිරිමයි. වර්ෂ 12 ක් පමන වන මෙම කාලය තුල ඉටුකර ඇති කාර්ය භාරයන් පහතින් දක්වමි.
01) පොදු කාලසටහන් ක්‍රමය ස්ථාපිත කිරිම.
දකුණු පළාතේ සියලුම බස්සේවා මාර්‍ග විද්‍යාත්මකව තිරණය කරනු ලබන පොදු කාලසටහන් ක්‍රමයට ක්‍රියාත්මක කිරිම අධිකාරිය ආරම්භ වන අවස්ථාව වන විට බොහෝ දුරට අවසන් කර තිබුණි. එම ක්‍රමය වඩාත් කාර්යක්ෂම හා ඵලදායි ප්‍රතිඵල ලබා ගත හැකිවන පරිදි ධාවකයින අතර ආදායම සමසේ බෙදි යන පරිදි ධාවන සටහන් චක්‍රිය කිරිමේ ක්‍රියාපටිපාටිය අධිකාරිය විසින් සියලුම මාර්‍ගවල ක්‍රියාත්මක කරන ලදි. පෞද්ගලික බස්ධාවකයින් හා රාජ්‍ය බස් සේවය එකම බස්නැවතුම් පොලකින් එක් පොදු කාලසටහනකට අනුව ධාවනය කිරිම නිසා මහජනතාවට පහසුකම් රාශියක් ලැබුණ අතර, අනර්ථකාරි තරගයෙන් වන අයහපත් ප්‍රතිඵල වලින් මිදිමටද අවස්ථාව ලැබිණි. එක් එක් ධාවකයාට මගී ප්‍රවාහන ව්‍යාපාරය තුල රැදි සිටිමට හැකි ආයෝජන ප්‍රතිලාභ ප්‍රමාණාත්මකව ලබා දිම උදෙසා බස්රථය වාහන උපයෝගි කරනය සම්මත මට්ටමක ගෙන ඒම සඳහා කාලසටහන් සැලසුම් සංශෝධන කරනු ලැබිය. මගීන්ට බස්රථය තුල ඇතිවන තදබදය වලක්වා පහසුකම් ඇති බස්සේවාවක් ස්ථාපිත කිරිම සඳහා කුඩා බස්රථ ඉවත්කර වැඩි ධාරිතා බස්රථ යෙදවිමට නිතිමය බලපැම් හා පෙළඹවිම් ක්‍රම භාවිතා කිරිමෙන් ඵලදායි ප්‍රතිඵල උදා කර ගැනිමට හැකිවිය.
02) පාසල් සේවා හා කාර්යාල සේවා ඇති කිරිම .
2.1 දිනපතා ගමන්කරන මගී කණ්ඩායම් සඳහා වැඩි පහසුකම් ලබා දිමේ අවශ්‍යතාවය මත පෞද්ගලික බස්සේවා කාලසටහන් උපයෝගි කර ගෙන කාර්යාල සේවා ආරම්භ කරන ලදි. විශේෂයෙන් ඒ ඒ දිස්ත්‍රික්කවල ප්‍රධාන නගරයේ කාර්යාල වලට මෙම පහසුකම් ලබා දිමට මුලිකව කටයුතු කර ඇත. මෙම ක්‍රමයේ මුලික ලක්ෂණය වුයේ අනිවාර්ය ධාවනය හා අඩු කාලයක් තුල ගමනාන්තයට ලගාවිමට හැකි විමය
2.2 පෞද්ගලික බස්රථ මගින් ප්‍රධාන නගරවල පාසල් වලට පාසල් බස්සේවා ක්‍රියාත්මක කරනු ලැබි අතර සහන ගාස්තු ක්‍රමයන්ද ඇති කරන ලදි. සිසුන්ගේ ආරක්ෂාව , අඛණ්ඩ සේවාව , මුලික අවශ්‍යතා වශයෙන් සැලකිල්ලට ගනු ලැබිය. මෙම බස්සේවා නිසා පාසල් කාලය තුල නගරවල වාහන තද බදය ලිහිල් කිරිමටද හේතු විය. රාජ්‍ය බස් සේවය දුර්වලව පැවති අවධියේ පෞද්ගලික පාසල් බස් සේවය ඉතා ජනප්‍රිය වු අතර පාසල් සිසුන්ගේ හා ගරු භවතුන්ගේ ප්‍රශංසාවටද පාත්‍රවිය.
03)මෙහෙයුම් කටයුතු කාර්යක්ෂම කිරිම.
3.1 අධිකාරියේ ප්‍රමාණවත් කාර්ය මණ්ඩලය පත්කර ගැනිමෙන් පසු පාලන කටයුතු වඩාත් විමධ්‍ය ගත කිරිම සඳහා දිස්ත්‍රික් කාර්යාල ක්‍රමය ආරම්භ කරන ලදි. ගාල්ල / මාතර / හම්බන්තොට දිස්ත්‍රික්ක තුල සහකාර අධ්‍යක්ෂවරුන් යටතේ ධාවකයින්ගේ හා මගීන්ගේ අවශ්‍යතා කඩිනමින් සපුරාලිමට මෙම කාර්යාලය උපකාරි විය බස්නැවතුම් පරිපාලනය, ජංගම පරික්ෂණ හා ප්‍රදේශිය බස්සේවා අධික්ෂණ මෙමගින් ඉටුකර ගත හැකිවිය.
3.2 කාර්යාල කටයුතුවල කාර්යක්ෂමතාවය වැඩිකිරිම සඳහා නවතාක්ෂණය උපයෝගි කරගත් අතර එමගින් ධාවකයින්ට වැඩි පහසුකම් ලැබුණි. ප්‍රධාන බස්නැවතුම්පලවල පරිගණක උපයෝගි කර ගෙන කාලසටහන් ප්‍රදර්ශනය වැනි නවතම ක්‍රම උපායන් කෙරෙහි යොමු විය.
3.3 බලපත්‍ර දිමේ ක්‍රමය විනිවිද භාවයකින් ක්‍රියාත්මක කිරිම හා බලපත්‍ර අපේක්ෂාවෙන් සිටින ආයෝජකයින්ට පහසුවිම සඳහා බලපත්‍ර ටෙන්ඩර් පටිපාටිය යටතේ නිකුත් කිරිමේ නවතම ක්‍රියාමාර්ගයට එළඹිමට අධිකාරියට හැකිවිය එය ප්‍රවාහන ක්ෂේත්‍රයේ ආදර්ශවත් ක්‍රියා මාර්ගයක් බවට පත්විය.
04)බස් සේවාවේ ගුණාත්මක සංවර්ධනය
4.4 පෞද්ගලික බස් සේවාවේ විනය හා ආචාරශිලිභාවය ගොඩනැගිමේ අවශ්‍යතාවය වන සියළුම බස් සේවකයින් පුහුණු කිරිම , බලපත්‍ර ලබාදිම හා විනය ක්‍රියාමාර්ග ගැනිම අධිකාරියේ නියාමක කටයුතුවල ප්‍රබල තැනක් ගත්තේය. බස්රථ ආයෝජකයින් දැනුවත් කිරිමේ වැඩ සටහන් ක්‍රියාත්මක කල අතර බස් සේවක කණ්ඩායම් අධික්ෂණය සඳහා ගතයුතු ක්‍රියාමාර්ග හදුන්වා දෙන ලදි. දිස්ත්‍රික් බස් සමාගම් පිහිටුවිම හා බස් ධාවන කළමණාකරනය වෙත ධාවකයින් ඒමගින් නැඹුරු කිරිමට කටයුතු කරන ලදි.
4.2 අධිකාරියේ ජංගම අංශය ගාල්ල / මාතර / හම්බන්තොට වශයෙන් ඒකක කිපයක් ක්‍රියාත්මක කරමින් මගී සේවා බලපත්‍ර කොන්දේසි කඩවිම වලක්වාලිමට පියවර ගනු ලැබිය. විශේෂයෙන් රාත්‍රි ධාවනය නොකිරිම, අතරමගින් හැරවිම ආදි විෂමාචාර කටයුතු වැලැක්විමට පියවර ගනු ලැබිය.
4.3 මගී ජනතාවත් , ධාවකයිනුත් අතර මනා සම්බන්ධතාවයක් ඇති කිරිම හා මගී ගැටළු අතර හදුනා ගැනිමට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් මගී සංගම් ක්‍රියාත්මක කරනු ලැබු අතර ඒවා ක්‍රියාකාරි සංගම් වශයෙන් සංවිධාන කිරිම අධිකාරියට ඉදිරි ක්‍රියාමාර්ග බවට පත්ව තිබේ.
4.4 මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිමේ ක්‍රමය විධිමත් කිරිමට නිතිමය ක්‍රියාකාරකම් වලට අමතරව ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිමේ යන්ත්‍ර භාවිතයට පොළඹ වන ලැබිය. ඒ සඳහා ණය යෝජනා ක්‍රමයන්ද අධිකාරිය ක්‍රියාත්මක කලේය.
යටිතල පහසුකම් සංවර්ධනය
මගී ප්‍රවාහන අධිකාරියේ පසුගිය වසර කිපය තුල දකුණු පළාතේ මගී ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විශාල වැඩ කොටසක් ඉටුකරනු ලැබිය. නව බස්නැවතුම්පල ඉදිකිරිම , මහා මාර්ගවල මගී ආවරණ ඉදිකිරිම හා සියලුම බස් නැවතුම්පලවල් නඩත්තු කිරිම මේ අතර වැදගත් වේ.
5.1 මගී ජනතාවගේ පහසුව සඳහා ප්‍රධාන බස්නැවතුම්පල වල නව තාක්ෂණය යොදා ගෙන කාලසටහන් ප්‍රදර්ශනය කිරිම හා තොරතුරු මධ්‍යස්ථාන පිහිටුවිමද තවදුරටත් ව්‍යාප්ත කිරිමට අධිකාරිය සැලසුම් කර ගෙන යනු ලැබේ.